2017 ජනවාරි 28 වන සෙනසුරාදා

රහස් කතා

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 269

ඒකාබද්දෙ ඉන්න පොහොට්ටුව පිපෙන්නෙ නැහැ කියන දෙතුන් දෙනෙක් ලෝකෙ බලවත්ම රටක තානාපති කන්තෝරුවෙ දේශපාලන ලොක්කෙක් නිතර නිතර හම්බුවෙනවය කියල දූෂමාණ ආරංචියක් යනව...

එයින් එක්කෙනෙක් දෙන්නෙක් තානාපති අංසෙට කියල තියෙන්නෙ සුබ නැකත එනකම් ඉන්න. එතකොට අපිටත් ඔය පැත්ත බලන්න පුළුවන් කියලයි...

තානාපති අංශ එක්ක මේ සමගි සන්ධාන කතාවට ගිය එක්කෙනෙක් දකුණෙ ප්‍රකට කටකාර පොරක්ලු... අනෙක උඩරට පළාතෙ “ටොප්” දේශපාලනඥයෙක්ලු.

ඉතින් මේ බව දැනගන්න ඒකාබද්දෙ ලොකු ලොක්කො කස්ටිය ආණ්ඩුවෙන් විපක්ෂය පැත්තට කොක්ක ගහන්න බලන්න ඉන්න දෙතුන් දෙනෙක් තමන්ගෙ කතා සාප්පුවට කැඳෙව්වා කියලා ආරංචියි...

මේ රහස් කතාබහ ගැන ඉව වැටුණ ආණ්ඩුවෙ ඉහළ තැන්වලින් කොළඹ 7 ඉන්න හිටපු ලොකු තැනගෙ ගේ ඉස්සරහිනුයි පස්සෙනුයි දෙපැත්තෙන්ම ඇහැ ගහගෙන ඉන්න කස්ටිය දාලලු ඉන්නෙ..

 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00