ඈත රුහුණෙන් දියවන්නා කවුන්සිලේට පත්වෙච්ච ටිකක් තරුණපහේ ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව...
ළඟදි අලුත් කසාදෙකටත් ලෑස්තිවෙන මුන්නැහේ මේ දවස්වල ඉන්නෙ මාර සතුටකින්ලු... සතුට කොච්චරද කියනව නම් උන්නැහේට සතුට වැඩිකමට ඇඬෙනවලු... ඒ සතුටු කඳුළු ගලන්නෙ තමන් මුණගැහෙන්න එන ජනතාව කියන එක්තරා කතාවක් නිසාය කියල මේ ඇමැති තැන තමන්ගෙ සමීපතමයන්ටත් කියලා...
උන්නැහේ කියන විදියට උන්නැහේට ඇඬෙන්නෙ මහජන දිනේට තමන් හම්බුවෙන්න එන ජනතාව තමන් ළඟදිම රටේ දෙවැනි පුටුවට පත්වෙනවය කියමින් කරන ආශිර්වාදෙටලු. උන්නැහේ එහෙම කිව්වට එයාගෙ පාටියෙම ඔය කියන දෙවැනි පුටුවට පනින්න බලන් ඉන්න තවත් තුන් හතර දෙනෙක්ම ඉන්නවලු. ඒක තමයි පොඩි කොස්සකට තියෙන්නෙ... නමුත් රටේ ලොකු මහත්තයත් මේ වගේ අය ඔය පුටුවට හොඳයි කියල කාලෙකට ඉස්සර කියල තිබුණලු...