අලි පාටියේ හිටපු මහලේකම් ඉහළ අත්තේ හිටිය නායකයෙක්. පස්සේ ලොකු කරනමක් ගහලා දැන් ගෙදර. උන්නැහේ අලුත් පක්ෂ වැඩකට ලෑස්ති වෙන්නයි මේ දවස්වල සූදානම. ඒකට උන්නැහේ දන්න අඳුරන අලි පාටියේ අයට දිගට හරහට ඇමතුම් දෙනවලු එකතු වෙන්න කියලා. ඒ පැත්තේ අයත් ඇමතුම් දෙනවලු. හැබැයි දැන් මේක අලි පාටියේ ඉහළ අයට ආරංචි වෙලා සාමාජික දඩයමේ යන වැඩේ ගැන. ඒ නිසා එයා එක්ක ඇයි හොඳයි පවත්තන ඈයෝ ගැන ඔත්තුකාරයෝ රබර් ඇහැදාගෙනලු ඉන්නේ.
සමහර අය මෑතක ඉඳලා දැන් කතා කරන්නෙත් නෑලු හිටපු ලේකම් තැනට. ඇයි වැඩේ අහුවෙයි, නැති පරිප්පුවක් කන්න වෙයි කියලා. ඒ විතරක් නෙමෙයි උන්නැහේ ළඟින් යන්නේ නැති අයත් ඉන්නවලු. පුදුමේ කියන්නේ ඒ ඔක්කොම අලි පාටියේ ලොක්කට කොක්ක දාපු හිටපු විප්ලවකාරයොලු.