2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

රෙද්ද බේරගන්න ගත්ත තීන්දුව!

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 471

අලි පාටියේ පසුපෙළ කට්ටියක් මේ ළඟදි හම්බවුණාලු. එයාලා එදා කතා වුණේ මේ කාකි සූට් මහත්තුරුන්ගේ ලොකු තැනකගේ වැඩ ගැනලු. කට්ටිය කිව්වලු මෙයා තව හිටියොත් ආණ්ඩුව ඉවරයි කියලා. අපේ ලොක්කන්ට වුවමනාවකුත් නෑනේ මෙයාව යවන්න කියලා එක්කෙනෙක් කිව්වලු.

මේ අතර එතන හිටිය තව කෙනෙක් කිව්වලු ඒකාබද්දේ විස්වාසභංගයක් ගෙනාවොත් සහාය දෙමු කියලා. ඒත් එතන හිටිය සමහර අය කිව්වලු අපිට රෙද්දක් ඇඳන් ඒ අය එක්ක එකතු වෙන්න බෑ කියලා. අන්තිමට හැමෝම එක තීරණයකට ආවලු. ඒ විස්වාසභංගයක් ආවොත් ඡන්දය නොදී මඟ අරිමු කියලා. ඒකට හැමෝම කැමතියිලු. දැන් විස්වාසභංගේ එනකම්ලු මෙයලා බලන් ඉන්නේ. මෙතන අර පරණ කැරලිකාරයෝ ටික හිටියා කියලා තමයි ආරංචිය.

 

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00