2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

ගින්න පත්තු කළේ කව්ද?

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 508

පසුගියදාක ආණ්ඩුවෙ ලොකු මහත්තයයි හිටපු ලොකු තැනයි ඇස්.බී. ලගෙ ගෙදරදී හමුවුණා කියන ප්‍රවෘත්තිය සමහරු බොරු කරන්න හදාපු ඇත්ත කතාවක් බව තතුදත් අයට රහසක් නොවෙයි.

ඒත් පුදුමෙට කාරණාව ඉතාම රහසිගතව සංවිධානෙ කරපු මේ රැස්වීමෙ කතාව “හුටස්” ගාලා මාධ්‍යයට ගියේ කොහොමද කියන එකයි.

මේ ගැන රටේ ලොකු මහත්තයගෙ පැත්තෙන් විශේෂ රහසිගත විමර්ශනයක් කළාලු... ඒකෙදි දැනගත්තෙ ඇස්.බී. උන්නැහේගෙ මිතුරෙක් වන ඇන්.ජී.ඕ. නව-රත්නයක් අතින් මේ පුවත තැන් තැන්වලට ගිය බවයි.

හුඟක් ලොකු තැන්වල ගැවසෙන මේ නව-රත්නය කරපු වැඩේ දැනගත්ත රටේ ලොකු මහත්තයා... හමුවේ සංවිධායකට සැර දෝීස් මුරයක් දැම්ම... ඒකට එයා නොයෙක් උත්තර බැන්දත් රටේ ලොකු මහත්තය ඒ උත්තර පිළිගන්නෙ නැතුව නව-රත්නය මේ කතාව එළියට ගෙනිච්ච හැටි හමුවෙ සංවිධායකට සැර භාෂාවෙන් කියල දුන්න බවයි ආරංචි.

ඊට පස්සෙ ඒ ගැන කලබල වූ සංවිධායක තුමා තමන්ගෙ ගෙදර මේ වගේ හමුවක් සිදුනොවූ බවට නිවේදනයක් නිකුත් කරල තමන්ගෙ ශුද්ධවන්ත භාවය ප්‍රකාශ කළා...

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00