යහපාලනේ ආණ්ඩුව හදන්න එහෙම මහන්සි වෙච්ච කට්ටියක් හොරෙන් ගියාලු යහපාලන ආණ්ඩුව පටන් ගන්නකොටම පිම්ම ගහපු උතුරුමැද පැත්තේ කෙනෙක් හම්බවෙන්න. ඒ ගියේ මේ ඔක්කොම අතඇරලා දාලා යන්න හිතාගෙනලු. හිටපු කට්ටිය එක්ක එකතුවෙන එකට මේ අය අකමැතියි කියලා ගෝරියක් දාන්නලු ගියේ. ගිහිල්ලා තමන්ගේ විරෝධය තරුණ ඇමැතිතුමාට පෙන්නුවලු.
ඊට පස්සේ එයා කිව්වලු මෙහෙම. මටත් හිතාගන්න බෑ. මමත් කලකිරිලා ඉන්නේ. ඒත් කියන කිසිම දෙයක් ලොක්කා පිළිගන්නේ නෑ කියලා. ඊට පස්සේ කිව්වලු ඔයාලා යන්න හදන්න එපා. දැන්ම ගියොත් ඔයාලට අවාසි. ඒ නිසා තව ටිකක් ඉවසමු. බැරිම වුණොත් තීරණයක් ගමු කියලා. අන්තිමට කියන ඔක්කොම දේවල් අහගෙන අර අයින්වෙන්න ගිය කට්ටිය ආයි ගෙදර ගියේ සර් ගන්න තීරණයකට අපිත් එකඟයි කියලලු.