උතුරු සභාවෙ ඇමැති නෝනා කෙනෙක් අලුත් පක්ෂයක් හදන්න තීන්දු කළා. රැඩිකල් මතවාද ඉස්සරහට ගෙනයමින් මේ පක්ෂය නිර්මාණය කරන බවට ප්රකාශයකුත් නිකුත් කළා. ඊට පස්සේ උතුරැ ඩයස්පෝරාවෙ විදේශගත සාමාජිකයන්ගෙන් ආධාර පැතුවෙ මේ පක්ෂය පිහිටුවල ඉදිරියට ගෙන යන්නයි....
මේ නෝනා මහත්තයා කලක පටන් තම ජනතාව වෙනුවෙන් ලොකුවට සද්ද බද්ද කළ ආනන්දජනක චරිතයක්.... ඉතින් එයාගෙ ඉල්ලීම අනුව ඩයස්පෝරාවෙ මිත්රයො මෙයාට පක්ෂය පටන් ගන්න රැපියල් මිලියන පහළොවක විස්සක විතර ආධාරයක් එව්ව බව උතුරේ ප්රසිද්ධ කාරණාවක්.
ඉතින් කොහොම හරි සුබ මොහොතින් පළාත් ඇමැති නෝනා යාල්පානමේ ලොකු ශාලාවක තමන්ගෙ පක්ෂයේ ආරම්භක රැස්වීම පවත්වන්න කටයුතු සංවිධානෙ කළා. රැස්වීම ජයට තියලා එයාගෙ පක්ෂය ජනගත කරන්නයි සැලැසුම් කළේ. ඒත් වුණේ කවුරැවත් නොසිතපු ලොකු අකරතැබ්බයක්.
ලොකු ගාණක් වියදම් කරල පවත්වපු ආරම්භක රැස්වීමට ඇවිත් හිටියෙ පහළොවක විස්සක පිරිසක්ලු... ඩයස්පෝරාවෙන් ලැබුණ ආධාර මිලියන්වලින් බැලුවොත් ඊට වැඩිලු....
ඉතින් ජනසහභාගිත්වය අතින් උත්සවේ හුළං ගිය නිසා උතුරේ ඇමැති නෝන මේ දවස්වල කල්පනා කරමින් ඉන්නෙ ආයෙ වතාවක් තමන්ගෙ පක්ෂය උතුරේ ජනතාව අතර සලු කරගන්නෙ කොහොමද කියලයි.