පොහොට්ටු පාටියේ ලොක්කා මේ දවස්වල පළාත් සභා පළාත් පාලනවල මන්තිරි ඈයෝ ගෙන්නලා කතා කරනවලු. මේ එන හැමෝටම මෙයා කියන කතාවක් තියෙනවලු. ඒක අවවාදයක් හැටියටලු දෙන්නේ. හැබැයි පොඩි නෝක්කාඩුවක්ලු. මෙහෙමලු එයා කතාව කියන්නේ.
මම ළමයි තුන්දාහක ඉස්කෝලයක් බලාගන්න ප්‍රින්සිපල් වගේ. හැම තිස්සෙම පැමිණිලි. අරයගේ එක මෙයා ගත්තා කියනවා. මෙයාගේ එක එයා ගත්තා කියනවා. අර මෙයාට ගැහුවා කියනවා, මෙයා අරයට ගැහුවා කියනවා. අරයා මෙයා එක්ක තරහයි කියනවා. මාර පැමිණිලි. අමතක කරන්න එපා අපි ඉන්නේ ජනතාවගේ විශ්වාසය නිසා කියන එක නිසා කියලා. මීට පස්සේ පැමිණිලි ගේන්න එපා. සාමකාමීව වැඩ කරන්න කියලා.
එහෙම කියලා ගියහමත් සමහර අය ලොක්කගේ තොප්පිය දාගෙන තැන් තැන්වල මෙහෙම කතාවෙනවලු, ෂුවර් ඔය කේලම ලොක්කට කියන්න ඇත්තේ අරූ කියලා. එතනත් රණ්ඩුලු.