2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

සටනෙ ජවනිකාවක්!

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 496

එජාපයේ මන්තිරි තුන් හතර දෙනෙක් අරලිය මැඳුරෙ තැනක කතාවක්ලු. මේ අය පසුපෙළ කට්ටියලු. ඉන්නේ සබරගමුව, වයඹ, කොළඹ වගේ පැතිවල. කතාව එජාපයේ බලය ලබා ගැනීමේ සටන ගෙන යන කෙනෙක් ගැන කියලයි ආරංචි වුණේ.

මේ අය කියනවලු මෙහෙම, බලහන්කෝ මචං අරයට අපි කොච්චර කිව්වද ගේම් එක අතට ගන්න කියලා. එයා ගන්නේ නැතුව හැංගි හැංගි ඉන්නවා. අපිත් අසරණයි.

අනෙක් එක්කෙනා මෙහෙම කියනවලු, දැන් බලහන් මචං ලොක්කට පස්සේ පක්ෂය බේරගන්න කතා කරන්නේ වෙන පක්ෂවල උන්. නැත්තන් අලුතෙන් ආපු උන්. එයාට එපා නම් අපි මොකටද මචං මෙච්චර මැරෙන්නේ.

මේ ඔක්කොම අහන් හිටිය තවත් කෙනෙක් කියනවලු මේම, මචං අපිත් යමුද යන්න. කට්ටියගේ ඇස් උඩ ගියාලු. ඊට පස්සේ හිනාවෙලා කියනවලු ගෙදර ගෙදර මචං වොෂ් එකක් දාගෙන එන්න කියලා හිනාවුණාලු. හැබැයි ඒ කතාව ඇල්ලුවේ නෑලු. මෙයා සබරගමුවේ පැත්තේ කෙනෙක් කියලයි ආරංචිය.