කාකිසූට් දෙපාර්තමේන්තුවෙ ඉහළම පට්ටමක් දරන කෙනෙක් මේ දවස්වල ඉන්නෙ හොඳටම කලබල වෙලා....
කොච්චර කලබල වෙලාද කියනව නම් එතැන දැන් මරු මරු වැඩ සිද්ධ වෙනව කියලත් ආරංචියි...
ඔන්න මේ කියන කාකිසූට් ලොක්ක පසුගිය දවස්වල හිටපු ආරස්සක ලේකම්තැනට හිටු කියලා කෝල් දෙන්න පටන්ගත්තලු...
ඊයෙ පෙරේදා දවසක එළිවෙන පාන්දර හදිසියෙම හිටපු ආරක්ෂක ලේකම්ට මේ පොලිස් උන්නැහේ හදිසියෙන්ම ඇමතුමක් දුන්නලු. ඒ සංවාදය සිද්ධ වෙලා තියෙන්නෙ මෙහෙමයි.
සර්.... මම අද හදිස්සියෙම ඔබතුමාට කතා කළේ ඉතා වැදගත් ප්‍රවෘත්තියක් දෙන්න... කාකි සූට් ලොක්කා කිව්වා.
වැදගත් දෙයක්... මොකද්ද හදිස්සියක්ද? හිටපු ආරක්ෂක ලේකම් තැන ප්‍රශ්න කළා.
ඔව් සර්... මේ සප්‍රයිස් එකක්. සර්ටම කියන්න තියාගත්ත දවසේ ප්‍රවෘත්තිය මේකයි. කාකි සූට් ලොක්කා ආයෙත් තෙපර බාන්න ගත්තා.
හරි... හරි... ඉතින් ඉක්මනට කියන්ඩ... මොකද්ද ප්‍රශ්නෙ? හිටපු ලේකම් තැන ආයෙම විමසුවා.
සර්... සර්... අද උදේ විල්පත්තුවෙදි... කියමින් කාකි සූට් ලොක්ක ගොත ගහද්දි ඔව්... ඔව්... විල්පත්තුවෙදි මොකද වුණේ... හිටපු ආරක්ෂක ලේකම් තැන නැවතත් ප්‍රශ්න කළා. සර්... මාර වැඩේ විල්පත්තු කැලේදි මිනිහෙක් මුවෙක් මරලා අපි ටක් ගාලා මුවයි... මිනිහයි දෙන්නම අල්ලා ගත්තා... සර්... මේව තහනම් වැඩනේ...කිය කියා තවත් මුවා ගැන විස්තර කරන්න යනකොට හිටපු ආරක්ෂක ලොක්කට අසූහාරදාහට කේන්ති ගියා.
අයිසේ මේ උදේ පාන්දර තමුසෙට පිස්සුද? විල්පත්තුවෙ... මුවා.... මගේ නින්දත් කැඩුවා කියලා දුරකතනය විසන්ධි කළා.