2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

අතේ පත්තු වුණ ඩීල් කතාව

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 573

අලි පාටියෙ කවුන්සිල් කස්ටියගෙ රැස්වීමේදී කටකාරයෙක් වන හිටපු ඇමැති සයිස් මහත්තයෙක් තවත් ජ්‍යෙෂ්ඨ අලියෙකුට පොඩි ටොක්කක් ඇන්නලු. මේ චෝදනාව නගාපු එක්කෙනා කොළඹ කිට්ටුව දිස්තිරික්කෙකින් පත්වුණ කිසිම දවසක පරාජිත නොවන කෙනෙක් කියලයි සමහරු කියන්නෙ.

කොහොමහරි උන්නැහේ මෙතෙන්දි ටොක්ක ඇන්නෙ අලි පාටියෙ එක්තරා දාස දෙනෙකුටලු... එයාට ආණ්ඩුවෙ ලොකු ලොක්කො සමඟ ඩීල් ඇති බවත් රටේ ලොක්කා සමගත් එසේම ඩීලි තිබෙන බවත් ඒ නිසා අලිපාටිය අමාරැවෙ දාපු ලොකු ලොක්කන් විවේචනේ නොකරන බවත් අපරාජිත දේශපාලුතුමා කියලා....

මේ කතාව කීව ගමන් පරල වුණ අලිපාටියෙ ජනප්‍රිය දාස ඒකට කැත්තට පොල්ල වගේ කන රත්වෙන උත්තරයක් දුන්නලු....

මෙතන ඩීල්කරුවන් නැති වග සඳහන් කළ උන්නැහේ.... ඩීල් දැම්මා නම් තමන්ට 10 පාරක් රටේ දෙවැනි පුටුව භාරගන්න ලැබුණ ආරාධනා ප්‍රතික්ෂේප කරනවද කියල ප්‍රශ්න කළා.... තමන්ට වගේම පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨයකුට 17 වතාවක් රටේ දෙවැනි පුටුවට එන්නැයි ආරාධනා කළ බව දන්නේදැයි උන්නැහේ ප්‍රශ්න කළා.

ඒ නිසා තමන් තමන් ගැන ඩීල් අනුව තීන්දු ගන්නේ නැති වග කියූ උන්නැහේ තමන් ගැන තීන්දුව ගතයුත්තේ පක්ෂය බව අපරාජිතට තරයේම මතක් කරල දුන්නලු. ඊට පස්සේ එයා ඩීල් කතාව වෙනුවට වෙන කතාවක් පටන් ගත්ත බවයි ආරංචි....

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00