අත පාටියෙ ලොකු පට්ටමක් දරණ හිටපු ඇමැති සයිස් ජ්‍යෙෂ්ඨයෙක් ඉන්නවා...
කලක් ආණ්ඩුවෙ දෙවැනි පුටුවත් බලාපොරොත්තු වුණු මුන්නැහේ පසුගිය කාලෙ අලි පාටියට අත වන වන ඉන්නවයි කියලත් කතාවක් ගියා...
අත පාටියෙ නිර්මල දේශපාලනයක් කරනවය කියන මෙතුමා පස්සෙ කාලෙ අත සහ පොහොට්ටු සන්ධානෙට සපෝට් එකකුත් දුන්නා... ඒත් හිටපු ගමන් රටේ ලොකුම පුටුවක් හොබවන කෙනෙක් මෙයා එක්ක සීතල කොක්කක පැටලුණාලු...
කොක්ක දරැණු නැති වුණත් මේ හිටපු ඇමැති තැනගෙ දුරකතන ඇමතුම්වලට ඉහළින් උත්තර නොදෙන තැනට වැඩේ දියුණු වුණා...
ඊට පස්සෙ මේ හිටපු ඇමැති තැන ලොක්ක එක්ක කොක්කක පැටලීමේ අවාසිය තේරැම් අරන් වැඩේ ෂේප් කරගන්න පොඩි සම්‍යයක් ප්‍රයෝගයක් කළ බවයි ආරංචි... ඒ අනුව උන්නැහේ වේදිකාවට නැගල ඊළඟ මහපුටු ඡන්දෙ අපේ අපේක්ෂකය අපේ ලොක්කම තමයි කියල කියාගෙන කියාගෙන ගියා...
මේ පින පලදීල තිබුණු කොක්ක ගැලවුණාද නැද්ද කියල අද හෙට බලාගන්න පුළුවන් වේවි...