මේ දවස්වල අලිපාටියේ පසුපෙළ මන්තිරිලා ටිකක් බිලී බාන වැඩකලු ඉන්නේ. එයාලට එක්තරා කෙනෙක් දෙන ඇමක් අරන් කොක්කේ ගහලා ආසනයෙන් ආසනයට බිලී බානවා කියලයි ආරංචිය. මේ අල්ලන්න හදන්නේ අත පාටියේ සංවිධායකවරුලු. මේ අය පළාත් පාලනවල මන්තිරිවරු නිසා එයාලට එකෙන් දෙකෙන් අහිමිවෙලා තියෙන පළාත් පාලනවල බහුතරය පෙන්නන්න කරන වැඩක්ලු මේක.
මේ නිසා පසුපෙළ හාදයෝ ඇමට ලක්ෂ දෙක තුන පහ වගේ ඒවා දාල අල්ලන්නලු යන්නෙ. කෝමහරි මේ අයට ඕනේ අතේ බාගයක් කඩා ගන්නලු. හැබැයි මේක කරන්නෙ කාටත් නොදැනෙන්න. කොහොම වුණත් දැන් වැඩේ එළියට ගිහින් ඉවරලු. මේක උඩටත් ආරංචි වෙලා කියලයි අපිට ආරංචි.
නමුත් වැඩේ ගජරාමෙට යන නිසා අලිපාටියේ පහළ ඉන්න මන්තිරිවරැ ටිකක් අමනාපෙන්ලු ඉන්නේ. තමන්ට මුකුත් නොදී එහා පැත්තේ හාදයොන්ට වියදම් කරනවා නම් අපෙන් ඇති වැඩේ මොකක්ද කියලා දැන් ඒ අය කතා වෙනවලු. කොයි වෙලේ හරි කට්ටිය හරහට හිටගන්නලු හදන්නේ මේ වැඩේ නවත්තන්න කියලා.