පසුගිය දවසක හිටපු ලොකු තැන හම්බුවෙන්න ලංකාවෙ රස්සාවෙන් අස්වෙලා යන්න හදන තානාපති සයිස් මහත්තයෙක් අාවා...
එයා ඇවිල්ල පසුගිය අවුරුදු තුනක කාලෙ කරපු කියාපු වැඩ ගැන එහෙම කතා කරන ගමන් ලංකාවෙ ඉදිරි ඡන්ද ගැනත් කතාවට වැටුණු බවයි ආරංචි...
දිගින් දිගට ගිය මේ ඡන්ද කතාව නතරවුණේ ඊළඟ ඡන්දෙට ප්‍රධාන පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයා ගැන තියන ආරංචිවලින්ලු... හිටපු ලොකු තැනලගෙ පාටියෙන් එන්නේ කවුද කියල තානාපති තැන ඇහුවම උන්නැහේ කිව්වෙ ඒක තාම තීන්දු කරල නැති බවයි.
ඒ එක්කම හිටපු ලොකු තැන තානාපති උන්නැහේ ගෙන් ඇහුව ආරංචි විදියට අලිපාටිය පැත්තෙන් තරගෙට එන්නෙ කවුද කියල... එතකොට හයියෙන් හිනාවුණ මේ ප්‍රබල තානාපතිවරයා එහෙන් එන්නෙ වෙන කවුද අරය තමයි... ඒක ගැන එයා අපිත් එක්තත් කතා කළා... අපිත් ඒකට අකමැත්තක් නැහැ... එහෙම කියපු තානාපති තැන ඡන්දෙ දිනන්න තියන අවස්ථා ගැනත් කතා කළා... හැබැයි අපිට උන්නැහේ එතන කියපු දේවල්වත්... අපේක්ෂකයන්ගෙ නම්ගම්වත් කියන්න අවසර නැහැ.