2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

හෙළි වූ රහස

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 443

දියවන්නා කවුන්සිලේ ඉන්න වීකන්ද තරුණ මහතාට තමන්ගෙ පාටියෙ ඉහළ තැනකින් ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඒ ඉල්ලීමෙන් කියැවුණේ රටේ ලොකු තැන හා අලි පාටිය සමගි කරන්න සාම සාකච්ඡාවකට පාර කැපීම. ඒකට රටේ ලොකු තැනගෙ පවුලේ සමීපම කෙනෙක් එක්ක කතාබහ කරන්නයි අලි ජ්‍යෙෂ්ඨයන්ට වුවමනා වුණේ.... ඉතින් මේකට වීකන්ද උන්නැහේම තෝරාගත්තෙ උන්නැහේ රටේ මහමැඳුරෙ ඉන්න තිලිණයක් එක්ක තියෙන දැඩි සුහදතාව නිසාලු....

කොහොමහරි වීකන්ද උන්නැහේ තමන්ට පාටියෙන් පවරපු කොන්තරාත්තුව අනුව යට කී තිලිණයත් අරගෙන අලි පාටි ජ්‍යෙෂ්ඨයො කොල්ලුපිටි පැත්තෙ මැඳුරකදි මුණගැහුණාලු...

ඉතා රහසින් මේ මුණගැහීම සිදුවුණත් දේශපාලනේ හොඳම රිපෝටර් කෙනෙකු වන හිටපු ලොකු තැනට ඒ මොහොතෙම මේ කතාව දැනගන්න ලැබුණා. 

එයා කොල්ලුපිටිය පැත්තට තමන්ගෙ ටෙලස්කෝප් එක හයිකරලා හුඟක් දේවල් හොයාගත්තා....

ඊළඟට මේ අතිශය රහස් කතාබහේ සියලු තොරතුරු රටේ මහමැඳුරට වාර්තා කරල මේක ඇත්තද? නැත්ද? කියලත් ප්‍රශ්න කළාලු.... ඒ ප්‍රශ්නෙන් තක්බීර් වුණ මහමැඳුරෙ උදවිය සාකච්ඡා මණ්ඩලේට හොඳටම දෙහිකැපූ බවයි ආරංචි....