2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

අමුතු ඇමතුම්

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 502

අලි පාටියෙ පසුපෙළ අරගල කරන කස්ටියට රටේ ඉහළම මන්දිරේකින් ටෙලිෆෝන් කෝල් එන්න පටන් අරන්ලු...

මේ ඉහළ මන්දිරේ ප්‍රධානියා ගෝරියට බර අලි පැටවුන්ට කතා කරල සැප දුක් එහෙම විමසලා තියෙන ප්‍රශ්න ගැනත් අහනවලු...

සුහදව වැඩ කරන්නත් කතා කරන බව ආරංචියි. කොළඹ ආවම හමුවෙන්න කියලත් ආරාධනා කරනවලු. බදුලු පළාතෙ කටකාරයෙකුටත් ළඟදි මේ විදියෙ ඇමතුමක් ලැබුණා. කොළඹ, ගම්පහ, කළුතර වගේ දිසාවල අයටත් මේ විදියටම ඇමතුම් ලැබුණ බව කියැවෙනවා....

හැබැයි මේ කතාවල සැබෑ තේරැම කවුරැවත් දන්නේ නැහැ. එකපාරටම මේ විදියෙ දෙයක් සිද්ධ වීමත් සමහරැන්ගෙ පුදුමෙට කාරණයක් වෙලා...

කොහොම නමුත් කෝල් ලැබුණ සමහර අලි පැටව් මේ ගැන කෝල් දුන්න මන්දිරේ පැත්තෙ ගිහින් ඒ ගැන පොඩි විමසීමක් කරන්න යන බවටත් තිරය පිටුපස කතාවක් යනව....