2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

හැටපැනපු ලොක්කෝ

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 465

පසුගිය දවස්වල රේගුවෙ කළ වැඩේට නොදෙවැනි වැඩක් දෙකක් කරන්න තවත් දේසපාලුතුමාල දෙන්නෙක් ලෑස්තිවෙනවය කියල හා හූවක් යනවා...

මේකෙ ඔත්තුව මුලින්ම ලැබුණේ ඒකාබද්දෙ ලොක්කෙකුට උන්නැහේට ඒක හම්බවුණේ සමෘද්ධිමත් ආයතනෙකිනුයි සුරාවට ටැක්ස් ගහන ආයතනෙකිනුයි... ලැබුණ තොරතුරේ හැටියට මේ තැන් දෙකටම ලොක්කො හැටියට දාන්න යන්නෙ හැටපැනපු දෙන්නෙක්ලු.

රට සමෘද්ධිමත් කිරීම බාරදෙන්න යන කෙනාට වයස 73ක් කියලයි ආරංචි... සුරා කන්තෝරැවට දාන්න යන කෙනාත් හැටපැනල විශ්‍රාම සුවෙන් ඉන්න කෙනෙක්ලු.

සමෘද්ධියට එන්නෙ ඉස්සර මහ- ලියද්දක් භාරව හිටපු උන්නැහේ කෙනෙක් බවත් සුරාවට අධිකාරි බලයක් ඇති කෙනෙක් දාන්න හදන බවත් තමයි වැඩිදුරටත් ආරංචි. 

ඉතින් පරිපාලනේ අද ඉන්න අයගෙ තැන විශ්‍රාමිකයන්ට පැවරීම ගැන යුනියන් කස්ටිය කොක්ක අදින්නයි යන්නෙ. ඒ වැඩේට ඒකාබද්දෙනුත් උදව් පතලා... එයාලත් අද හෙටම පැනලා මේක අතට ගන්නයි හදන්නෙ. 
ඊට පස්සෙ රේගුපෝරියල් එකට නොදෙවෙනි පෝරියල් එකක් එන්නයි යන්නෙ.  

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00