2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

දුක්ගැනවිල්ල

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 433

කොළඹ සමාජයේ ලොකු පිළිගැනීමක් තියෙන ස්වාමි කෙනෙක් ඉන්නවා. ඒ ස්වාමි අලි පාටියේ දේශපාලනයටත් සම්බන්ධ, ඉහළ තැන් එක්ක බොහෝම ලොකුවට සම්බන්ධතා තියෙන, ඒ වගේම කොළඹ වටේම තියෙන කෝවිල්වල මහපුටුවල ඉහළින් ඉන්න කෙනෙක්. මුල් යහපාලන ආණ්ඩුවේ කැබිනට් කුට්ටමේ සාමාජිකයෙක් වුණු මුන්නැහේට අවාසනාව උදාවුණේ ජාතික ආණ්ඩුව හබක් වීමත් එක්කයි. කොච්චර ලොකු පුද්ගලයෙක් වුණත් ආණ්ඩු පාලක මණ්ඩලේ දුන්න මිනිස්ට්‍රියේ තටු කැපුණා. පුටුවෙන් බිමට වැටුණා. ඒ වුණාට තියෙන සමාජ වටපිටාවත් එක්ක එහෙම එයාට ඉන්න අමාරුයි. එයා කාලයක් කරපු මිනිස්ට්‍රිය දැන් බලන්නේ උතුරු සන්ධානයේ පොරක් වීමත් හිතේ අමාරැව වැඩිවෙන්න හේතුවෙලා.

කොහොමහරි පුටුවෙනුත් බිමට වැටිලා, පට්ටම නැතුව ඉන්න මෙයාට පහුගිය දවසක හිත සවුත්තු වන තවත් ජරමරයක් සිද්ධ වුණා. අපිට දැනගන්න තියෙන විදිහට පහුගිය කාලයේ උන්නැහේ යටතේ තිබ්බ උතුරු සංවර්ධන මිනිස්ට්‍රියෙ සම්බන්ධීකාරක වැඩේ බාරගන්න කියලා ආණ්ඩුවේ ඉහළින් එයාට දැනුම්දීමත් එක්කයි මේ ජරමරේ ආරම්භ වෙලා තියෙන්නේ. අවුරුදු ගණනක් තමන් හිටිය මිනිස්ට්‍රියේ ඇමැතිකම නැතිවෙලා දුකෙන් ඉන්නකොට ඒ මිනිස්ට්‍රියෙම සුළු මුලාදෑනිකමක් තමන් වෙත පැවරීම එයාට කළ අගතියක් කියලා තැන් තැන්වල කියන්න පටන් අරන්ලු. උන්නැහේ ඒ කතාව කියන්නෙත් කෝපයෙන් කියලත් ආරංචියි.

ආණ්ඩුවේ ඉහළ තනතුරැ දරන කිහිපදෙනෙක් හම්බවුණු ස්වාමිවරයා දැන්නම් මට මේවයින් අයින්වෙලා ගෙදර යන්න හිතිලා තියෙන්නේ කියලා කිව්වලු. ඒ වගේම මොන දේශපාලන හුටපට තිබුණත් මහින්ද උන්නැහේ නම් තමුන්ගේ මිනිස්සුන්ට මේ වගේ අත්දැකීම් ලබාදෙන්නේ නැතැයි කියලා හිටපු ලොකු තැන වර්ණනා කරන්නත් පටන් අරන්ලු.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00