මධූෂ් ගැන කතා ගොඩයි. ඩුබායිවලදි එයා මාට්ටු වුණාට ලංකාවෙ තමයි ඒ ගැන කතා පත්තු වුණේ. වැඩිපුරම ගියපු කතා අතරෙ දකුණෙ දේශපාලන පවුලක් එක්ක මෙයාගෙ සම්බන්ධකමක් ගජරාමෙට තිබුණ කියල ගිය කතාව සමහරුන්ට ජනප්‍රිය මාතෘකාවක් වුණා.
අලි පාටියෙ ඇතුගල්පුර දිසාව නියෝජනේ කරන කට සැර දියවන්නා මැම්බර් කෙනෙක් මේ දකුණේ දේශපාලන පවුල් සබඳතාව ගැන මාද්දියෙනුත් කතා කළා...
මේ කතාව පිදුරුගොඩේ ගින්න වගේ පැතිරෙද්දි ඒ චෝදනාවට ලක්වුණු දේශපාලන පවුලෙ පුත්‍රයෙක් ගිහිල්ලා චෝදනාව නැගූ ඇතුගල්පුර මෑන්ව කෙළින්ම හම්බවුණාලු.
හම්බුවෙලා අයියේ කියල සුහදව කතා කරල එයා කරපු චෝදනාවට තිබෙන සාක්කි ගැන ප්‍රශ්න කළාලු.
ඇතුගල්පුර බලවතා බලාපොරොත්තු නොවුණු ඒ ප්‍රශ්නයෙන් අකල විකල වෙලා ගියා. ඊට පස්සෙ උන්නැහේගෙන් දකුණේ දේශපාලන පුත්‍රය මේ තොරතුර ලැබුණු විදිය ගැන දිගින් දිගටම විමසුවා...
කොහොමහරි මේ ප්‍රශ්න කිරීම වදයක්, වාතයක් වේගෙන එනකොට මල්ලි මෙහෙ එන්න කියල දකුණෙ දේශපාලන පුත්‍රය ළඟට කතා කරපු ඇතුගල්පුර... මේක කාටවත් කියන්න එපා කියල කනට කරල පුවත මැවූ අයගෙ නම ගම කිව්වලු. ඒ නමේ අයිතිකාරය දකුණෙන් බිහිවූ හිරිමල් වියේ ඉන්න දියවන්නා භවතෙක්ලු. උන්නැහේ පිටිපස්සෙන් තවත් අර්ථයෙන් ධර්මයෙන් වැඩ කරන පොරකුත් ඉන්නවලු. කොහොමහරි කතාව අහගත්ත දකුණේ දේශපාලන පුත්‍රය ඊටපස්සෙ පොල් අරගෙන සීනිගම ගියා කියලත් ආරංචියි.