අතයි පුටුවයි එකතු කරලා සන්ධානයක් හැදීම ගැන පසුගියදාක රටේ ලොකු මහත්තයලගෙ ගෙදර පොඩි රැස්වීමක් තිබුණා. ඒක කැඳවලා තිබ්බෙ රටේ ලොකු මහත්තයයි... හිටපු ලොකු තැන වගේම උන්නැහේගේ පක්ෂ නායකයොත් ඒකට ආවා...
ඒත් රැස්වීමට එන්නම ඕන පොහොට්ටුවෙ නිර්මාතෘ රුස්වීමට ආවෙ නැතිලු... ඒක ලොකුවට පෙනුණු අඩුවක්... කොහොම හරි රැස්වීම හමාර වුණාම ඒකෙ හිටපු ජ්‍යෙෂ්ඨ කස්ටියගෙන් කිහිපදෙනෙක් පොහොට්ටු ලොක්කට කතා කරල මේ වැදගත් රැස්වීමට නොපැමිණීම ගැන කාරණා කාරණා ඇහුව කියල ආරංචියි... උන්නැහේ නාවේ මේ සන්ධානෙට විරුද්ධ නිසාද කියන එකයි හුඟ දෙනෙක් අහපු ප්‍රශ්නය...
නමුත් පොහොට්ටු ලොක්ක ඒ කතාව බොරුවක් කියන තමන් තමන් නොපැමිණි සැබෑ හේතුව කියන්න ගත්ත.
“මම එතෙන්ට නොපැමිණි ඇත්ත හේතුව මේකයි. රටේ මහ පුටුවෙ ඉන්න කෙනා හැටියට ලොකු මහත්තයා... කැඳවන රැස්වීමක දී සන්ධාන හදන්න කතා කිරීම හරි නැහැ. ඒකයි මම රැස්වීමට ආවෙ නැත්තෙ... උන්නැහේ තමන් නායකත්වෙ දරන අත පාටියෙ ලොක්ක හැටියට රැස්වීමට කතා කළොත් ඕන වෙලාවක මම එනවා... ඔන්න ඔය වෙනස නොදන්න අය මම මේකට විරුද්ධයි කියල මට දොස් කියනවා...” එච්චර විතරක් නෙවේ ඔතන විපක්ෂ ප්‍රධානියෙක් නොවන කෙනෙකුත් හිටිය එකත් මට ප්‍රශ්නයක්.
පොහොට්ටු ලොක්ක තමන්ගෙ කතාව හමාර කරමින් කිව්වා.