රටේ මහතැන ගමින් ගමට ශක්තියක් වෙන්න පටන් ගත්ත ව්‍යාපෘතිය මුල් කාලයේ හැඬල් කළේ කාලයක් අලි පාටියේ ඉඳලා වලිදාගෙන එළියට බැහැල රජගෙදරට සැට් වුණ ප්‍රබල දේශපාලන උපදේශන පට්ටමකුත් දරන තිලකයක් බඳු නීති මහත්තයෙක්. එයාගේ තමයි ඒ වැඩසටහනේ අයිඩියා එක කියලත් කිව්වේ. ඒ නිසා ඒකේ වැඩ වෙන්නේ එයාට ඕන විදිහට කියලයි එයා තැන තැන කියලා තියෙන්නේ.
කෝමහරි එහෙම කිය කියා හිටිය නීතිඥ මහත්තයට දැන් වෙච්ච දෙයක් නෑලු. ඒ නීති මහත්තයත් නොදැනිම එයාගේ ව්‍යාපෘතිය බලගතු හස්තයක් පාවිච්චි කරනවලු. අස්සන් ගහනවා ඇරෙන්න හැම වැඩක්ම පැලෑන් කරන්නේ ඒ හස්තයලු. මේකට නෝක්කාඩු වෙච්ච නීති මහත්‍තයා දැන් මහතැනගේ කාර්යාලය පැත්තට යන්නෙත් නෑලු. මහතැනටත් එයාගේ අමුතු අමුතු වැඩ ආරංචි වෙලා නිසා දැන් ඒ පැත්තේ නිතර එන්න කියන්නෙත් නෑ කියලයි ආරංචිය.