2019 මාර්තු 02 වන සෙනසුරාදා

ලිහාගන්න බැරි ගැටයක්!

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 660

ආණ්ඩුවෙ එක්තරා බලවත් ආයතනයක ඉහළම තනතුර දරන කෙනෙක් ඉන්නව... එයා ඉතාම දක්ෂ වගේම තමන්ගෙ සේවකයන් අතරත් ජනප්‍රිය චරිතයක්ලු. රටට සල්ලි හොයන වැඩකටයුතු තමයි එයාගෙ කන්තෝරැවෙන් කෙරෙන්නෙ. ඉතින් පසුගිය දවසක මේ ආයතන ප්‍රධාන තැන ගැන විෂය භාර දේශපාලන ලොක්කට මංගල සම්මත තොරතුරක් ලැබුණ කියමුකො. ඒකෙන් කියැවුණේ සාමාන්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානියකුගෙ පඩිය ගන්න මෙයාගෙ ළමයි හතර පස් දෙනෙක් විදේශ රටවල උසස් අධ්‍යාපනය ලබන බවයි.

තවදුරටත් ඒ ලැබුණ විස්තරවලින් කියැවුණේ එක ළමයකුගේ අධ්‍යාපනේට මාසෙකට රුපියල් ලක්ෂ දහයක් දොළහක් විතර වියදම් වෙන බවයි.

ඉතින් ලංකාවෙ රාජ්‍ය සේවයේ යෙදෙමින් මාසෙකට රුපියල් ලක්ෂ දෙකතුනක පඩියක් ගන්න ගමන් ළමයින්ගෙ අධ්‍යාපනයේම මාසෙකට ලක්ෂ 50ක් 60ක් වියදම් කොරන්නෙ කොහොමද කියලා විෂය භාර ලොක්ක එහෙන් මෙහෙන් සොයලා බැලුවලු... ඒ ගැන සැක සහිත තොරතුරු ගොඩාක් ලැබුණත් ඔප්පු කරගන්න තරම් සාක්කි තවම ලැබුණෙ නැහැ කියලයි ආරංචි. 

කොහොම හරි වැඩේ අල්ලගන්න හිතාගෙන විෂය භාර දේශපාලන ලොක්ක මේ දෙපාර්තමේන්තු ප්‍රධානියාට පුංචි ස්ථාන මාරැවක් දුන්නා...

ඒ වුණාට ඒ මාරුවෙන් දේශපාලන ලොක්කයි අමාරැවෙ වැටුණේ... 

අර දෙපාර්තමේන්තු ප්‍රධානියා යවා ගන්න දේසපාලන ලොක්කට බැරි වුණා... මේකට සම්බන්ධ තවත් අතුරැ කතා ගොඩක් තියනවා... කොහොම හරි තවමත් ඒ දේශපාලන ලොක්ක මේ ගැන හොයනවා... අපි කියන ආයතන ප්‍රධානියත් එතනම ඉන්නවා. හැබැයි දේසපාලන ලොක්ක නූල් බෝලෙ ලිහාගන්නයි බලන්නෙ... ඉතින් මේ කතාව ඇහෙන්නෙ කොළඹ නගරෙ මදේ හරියෙ තියන අකුරු තුනකින් හැඳින්වෙන දෙපාර්තමේන්තුවකින්...

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00