2019 මාර්තු 09 වන සෙනසුරාදා

දෙහි කැපිල්ල

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 582

උතුරු සන්ධාන ලොක්කා පසුගියදා ටෙලිෆෝන් එක අරන් තමන්ගෙම සන්ධාන දෙවැනියට තදින්ම දෙහි කැපුවලු...

මේ දෙහි කැපිල්ලට හේතුව ජිනීවා සමුළුවට ගැන උන්නැහේ කරපු කතාවක් කියලයි ආරංචි......ඒකෙදි සිද්ධ වෙලා තිබුණේ උතුරු සන්ධානෙ දෙවැනි පුටුවෙ ඉන්න මාවෙයි උන්නැහේ ජිනීවා කස්ටියගෙන් කරපු ඉල්ලීමක්...

ලංකාව මට්ටු කරන්න ජිනීවා සමුළුව ගෙනාපු යෝජනා ඉටු කරන්න තවත් කල් නොදිය යුතුය කියලයි එයා කීවේ. එහෙම කල් දීම වැරදි බවත් මාවෙයි තුමා කීවා.

නමුත් පක්ෂය එක්ක කතා නොකර ආණ්ඩුව අමාරුවේ වැටෙන හැටියට මෙහෙම ඉල්ලපු එක වැරදියි කියලයි පාටියේ ලොක්කා හිතුවේ.

බැරි වෙලාවත් ආණ්ඩුවට කල් නොදුන්නොත් ආණ්ඩුව ඒකම හේතුවක් කරගෙන දැනට කරන්න යන වැඩ ටිකක් නවත්තලා ලිස්සලා යයි කියලයි උන්නැහේට තියන බය...... ඒ නිසා ඔය වගේ කතා නොකියා ඉන්න කියලා උතුරේ සන්ධාන ලොක්කා දෙවැනියට තදින් කිව්වා. 

ඒත් දෙවැනියා ඒක පිළිගත්තෙ නැහැ. එයා ඒකට දුන්නෙත් සැර උත්තරයක්ලු. අපට ආරංචි විදිහට එයා කිව්වේ ඔහේලා ආණ්ඩුව බදාගෙන ආණ්ඩුවට ආවඩ වඩා ඉන්න.. එතකොට අපේ උතුරේ ඡන්ද ටික ඉබේම විගීගෙ ඔඩොක්කුවට වැටේවි... එහෙම වුණාම කාටත් සනීපයිනේ... ඔය ඕවා කරන්න කියලා ඔබතුමාට උපදෙස් දෙන අනාගත නායකයාගේ උපදෙස් පිළිඅරන් අනාගන්න එපා සර්.. එහෙම කිව්ව මාවෙයි අප්සෙට් පිටම ඇමතුම විසන්ධි කළාලු.

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00