2019 මාර්තු 16 වන සෙනසුරාදා

මම ඔබතුමාගෙ මිනිහා

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 529

ළඟදි ආණ්ඩුකාර පට්ටම් ලබාපු උන්නැහේ කෙනෙකුට ආණ්ඩුවෙ මහ මන්දිරෙන් ලොකුම ලොකු දෝස්මුරයක් දැම්මා කියලා ආරංචියි.

ඒකට හේතුව උන්නැහේ අලි පාටියටත්.... දියවන්නා කවුන්සිලේ තවත් පාටියක ලොක්කන්ටත් සමීපවෙන්න හදනවය කියල ලැබුණ ආරංචියලු.... ඊටත් වඩා හිටපු ලොකුතැනගෙ හිතමිතුරන් සමඟ පයිරැ පාසානම් පැවැත්වීම ගැනත් ආණ්ඩුකාර තැන එක්ක මලම පැනලලු ඉන්නෙ.

ඊටපස්සෙ ළඟදි දවසක දුරකතනයෙන් මේ ආණ්ඩුකාර භවතා ඇමතූ ඉහළම බලවතා උන්නැහේට අගමුල මතක් කරමින් ලොකු බර බරයක් දැම්මා කියලා තතු දත් අය කියනවා.

ඊටපස්සෙ ආණ්ඩුකාර තැන අසරණ තත්ත්වෙට පත්වෙලා නෑ... නෑ... සර් මම ඔබතුමාගෙ මිනිහා... ඔබතුමාගෙ මිනිහා.. කියමින් පින්සෙණ්ඩු වුණාලු. ඒත් ලොකු තැනගෙ තරහ නම් තවම නිවිල නැහැ කියලා අපට උතුරෙන් ආරංචි වෙනවා....

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00