මහ ඡන්ද කතාව රට වටේම පැතිර යද්දි... නොවැම්බරේට යෙදෙන මහ පුටු සටනෙ ප්රචාරක වැඩට ලෑස්තිවෙන ප්‍රබල චරිතයක් ගැන අපට අහන්න ලැබෙනවා...
උන්නැහේ තමන්ගෙ ප්රචාරක වැඩට උදව් ගන්න ආසියාවෙ දියුණු රටකින් මාධ්‍ය විශාරද කස්ටියක් පසුගියදාක ලංකාවට කැඳෙව්වා...
ඡායාරූපවල ඉඳලා මහ ප්රචාරක රැලි දක්වා ඒ අයගෙන් උපදෙස් ගත්තලු. ඒ වගේම උන්නැහේගෙ වැඩකටයුතු ගැන අපූරු පොත් දෙක තුනකුත් නිකුත් කරන්නත් සැලැසුම් කරල ඉවරයි.
රටේ ජනතාවගෙ; ජනතාවගෙ කිව්වට ජනගහනෙන් වැඩි කොටසක් නියෝජනේ කරන කාන්තා පාර්ශ්වේ හිත ගන්න පුළුවන් විදිහෙ ප්‍රබල වැඩකුත් කරන්න සැලැසුම් කරල ඉවරයි. ඒක සිද්ධවෙන්නෙ කරන්න යන්නෙ වෙසක් පෝයෙන් පස්සෙලු...
උන්නැහේ මේ විදියට අවුරුද්ද අන්තිමේ කෙරෙන්න යන මහපුටු සටනට සැරසුණාට එයාගෙ සමහර ගෝලයන්ට නම්මේ ගැන මලපැනලලු ඉන්නෙ. ගිය සතියේ දියවන්නා කවුන්සිල් ලොබියේදී මේ සටන් සූදානම ගැන සය කන් මන්ත්‍රණයක් පවත්වපු නිල් පාට දේශපාලන භවතුන් තුන්දෙනෙක් මේ පාර තමන්ලගෙ දිස්ත්‍රික්කවලින් ලැබෙන්න යන ප්‍රතිඵලේ ගැන කියල දුක්වුණාලු... ලොකු පුටුවල ඉන්න අයට මේක තේරෙන්නෙ නැහැ කියල දොස් පරොස් කිව්වෙ ඌවෙ නායකයන් කියලත් ආරංචියි...