ආණ්ඩුවේ ඉන්න නළු මහත්තයගේ වැඩවලට වැඩියෙන්ම අවුලෙන් ඉන්නේ අලිපාටියේ පසුපෙළ අලි පැටව් ටික. පක්ෂයේ ලොක්කන්ට කිව්වත් එයාට එරෙහිව ගන්න තීන්දුවක් නෑලු. කෝමහරි දැන් අලි පාටියෙම පසුපෙළ දෙන්නෙක් නළුතුමාට වැඩක් සැට් කරන්න ට්රයි කරනවලු. ඒකට හේතුව හැමෝටම කොකේන් චෝදනාවෙන් දමා ගැසීමලු.
මේ ගේම් එක ප්ලෑන් කරන අයගෙන් එක්කෙනෙක් සබරගමුවෙලු, අනික් එක්කෙනා ඌවෙලු. මේ දෙන්නා නළු මහත්තයාගේ දූෂණ වංචා පරණ නඩු හොයනවලු. එහෙම හොයාගත්ත දේවල්වලින් සමහරක් පසුගියදා අරුන්දික උන්නැහේගෙ කටින් කියැවුණා කියලත් ආරංචියි. හොයලා අරගෙන ඒ සියලුම තොරතුරු විපක්ෂයේ ඉන්න අයට දෙන්න ප්ලෑන් කරලා. ඉදිරි කාලෙදි ඒවා දෙන්නේ තව කාටද කියලත් දැන් කතා වෙලා ඉවරලු. එහෙම ගහන්න දීලා මෙයාලා හදන්නේ නළු මහත්තයගේ කට පාලනේ කරන්නලු. මේ දෙන්නා කිය, කියා යනවලු ලොක්කන්ට බැරි එකේ අපි හරි නළු බට්ටා හදනවා කියලා.