2019 මාර්තු 23 වන සෙනසුරාදා

ජාතික නායක සටනට!

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 486

එක්තරා පක්ෂ නායකයෙක් ජාතික දේශපාලන නායකයෙක් වෙන්න පොඩි ප්ලෑනක් ගහලා. දැන් වැඩකටයුතු කරගෙන යනවා. එයා එහෙම කරන්න තීන්දු කළේ තමන්ගේ මිනිස්සුන්ට දැනට ඉන්න නායකයන්ගෙන් සෙතක් සිද්ධ වෙන්නෙ නැති නිසාලු. මෙයා නියෝජනේ කරන්නේ කරවලවලට ප්‍රසිද්ධ මනරම් පළාතක්...

දැනට තම ජන කොට්ඨාසයට නායකත්වය දෙන පාටියේ ලොක්කන්ගෙන් ජනතාවට සෙතක් වෙන්නේ නැත කියන මතය උඩයි උන්නැහේ ක්‍රියා කරන්නේ. ඒ අනුව නායකත්ව සටන පටන් ගන්න පසුගියදා මෙයා TV චැනල් එකක් ආරම්භ කළා. ඊළඟට එයාගේ අරමුණ පත්තරයකටත් බහින්නයි... ඒ සඳහා දැනටමත් සුදුසු දෙමළ නමකුත් තෝරගෙන... ඒ නමේ සිංහල තේරැම අපේ හෙට කියන එකයි.

අප්‍රේල් මුල් කාලේ මෙයා පත්තර වැඩේ කලඑළි දක්වන්න සූදානම්... මාද්දිය ආයතන කතාව හරිගියාම එයා ජාතික නායකත්ව සටනේ තවත් ලොකු ජම්ප් එකකට අර අදිනවා.. ඒක අපේ රටේ ආන්දෝලනාත්මක සිදුවීමක් වේවි කියලා තතු දත් අය කියනවා.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00