ඈත රටක සේවය කරන නම කියූ සැනින් හැමෝම දන්න ආචාරිය පට්ටමකුත් දරන තානාපති සයිස් මහත්තයෙක් පසුගියදාක හිටපු ලොකු තැනට කෝල් එකක් දුන්නා.....
එයා කෝල් කළේ රටේ තොටේ දේශපාලනේ ගැන අහන්න වගේ වුණත් මොකක්හරි විශේෂ කාරණාවක් දැනගන්න වුවමනාවෙන් බව දේශපාලනේ ඉව තියන හිටපු ලොකු තැනට තේරැණා... ඉතින් තානාපති උන්නැහේ ආගිය කතා අහලා දේශපාලනේ ගැනත් කතා කරලා මහ පුටු ඡන්දෙට එන උන්නැහේලගේ අපේක්ෂකයා නම් කරන්න ප්‍රමාද වෙන්නෙ ඇයි කියලා ඇහුවා...
ඒවා නම් කරන්න ඡන්දයක් නියම වෙන්න එපායැ.. අපි මොකටද මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්නේ.. කියමින් හිටපු ලොකු තැන ටිකක් සැර උත්තරයක් දුන්නා. ඒ වුණාට සර් මේ පිටරටවල්වල ඔය ගැන හරි හරි කතා පැතිරෙනවා තානාපති තැන සඳහන් කළා.
මොනවද අප්පා ඒ කතා. මමත් ආසයි දැනගන්න හිටපු ලොකු තැන ආයෙම ප්‍රශ්න කළා. &නෑ ඉතින් සර්ට අපේක්ෂක කතාවට ප්‍රශ්න පිට ප්‍රශ්නලු. තමන්ගෙ අයගෙනුත් පිට අයගෙනුත් මේ ගැන අර්බුද මතුවීම නිසා සර් මාර අප්සෙට් එකේ ඉන්නවා කියලත් අපට දන්වලා තිබුණා..
තානාපති තැන තමන්ට දැනගන්න ලැබුණ කාරණේ ලාවට කියලා දැම්මා. ඊටපස්සේ බොහොම විහිළුවෙන් හිටපු ලොකු තැන තානාපති උන්නැහේට උත්තර දුන්නේ මෙහෙමයි...
යාළුවා.. මම පනස් අවුරුද්දකට වඩා ඡන්ද කොරපු මිනිහෙක්.... මට ආපු ප්‍රශ්නවලට %අප්සෙට් වුණානම්^ මෙලහට මම ඉන්නෙ වෙන තැනක... මම ප්‍රශ්න කර උඩ කියාගෙන යන මිනිහෙක් නෙවෙයි. ප්‍රශ්න මැදින් මගේ ගමන යන මිනිහෙක්. ඒක ඔය කියන අයට මතක් කරන්න.
එහෙම කියපු හිටපු ලොකු තැන කතාව හමාර කළා.