ජාතික ආණ්ඩුවක් හදන්න යනවා කියන කතාව දැන් හැමතැනම පැතිරෙනවා. ඒත් අත පාටියේ එක කට්ටියක් එහෙම දෙයක් නැහැ කියල කියනවලු. හරි කතාවක් නෑලු කොහෙවත්. කොහොම හරි අතේ ඉඳලා අලිපාටිය පැත්තට පාරමාරු වුණ අයත් සූට්බූට් ගහගෙන ඇමතිකම් ගන්නලු සැරසෙන්නෙ. හැබැයි ඒක නිකන් ගන්න එයාලා ලෑස්ති නෑ කියලයි ආරංචිය. ඒ අය අත පාටියත් ඇදගෙනම යන්නලු ප්ලෑන් කරන්නේ.
ඒකට මේ අය උදව් ගන්නෙ හිටපු ලොක්කිගෙන්ලු. හිටපු ලොක්කිත් වැඩේට අතගහලයි කියලයි ආරංචිය. ළඟදි ඉඳල මෙයා දන්න දන්න එයාගේ ගෝලබාලයොන්ට ඇමතුම් දෙන්න පටන් අරගෙනලු. ඒ අලුත් ගමනක් යන්න එන්න කියලා. ඒකට එයා ඇමති, නියෝජ්‍ය ඇමැති පට්ටම් දෙන්නත් පොරොන්දු වෙලාලු. දැන් ආවොත් තමයි හැමදේම ගන්න පුළුවන් කියලත් ලොක්කි ඒ අයට කියනවා කියලයි ආරංචියි. ඒත් තවම අතෙන් අලි පාටිය පැත්තට මාරුවෙන අලුත් කණ්ඩායම මේ ඉල්ලීම ගැන තීන්දුවක් ගන්න බැරුව අන්ද මන්ද සයිස් එකට පත්වෙලා ඉන්නවලු.