2019 මාර්තු 30 වන සෙනසුරාදා

දෙන්නෙකුට ආරාධනා

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 533

මේ දවස්වල තනතුරු භාරගන්න ආණ්ඩුවට එන්න කියල ආරාධනා වැඩිපුරම ලැබෙන දෙන්නෙක් දියවන්නා කවුන්සිලේ ඉන්නවලු...

එයින් එක්කෙනෙක් උතුරු පැත්තෙ අනික උඩරට පළතෙ... මේ දෙන්නගෙම පාටිවල මන්තිරි ගොල්ල ඉන්නෙ තුන්දෙනාලු...

ඒත් මේ දෙන්නටම පක්ෂ දෙකත් අයිතිව තියන හින්දයි මේ විදියට ආරාධනා ගලන්නෙ...

මේ දෙන්නගෙන් එක් කෙනෙක් නම් ඕන වෙලාවක පට්ටමක් ලැබෙනව නම් එන්න කැමතිය කියල... එයා ඒක කියල තියෙන්නෙ තමන්ගෙ රාජකීය මිතුරෙක් වන කොළඹට පායපු හිරු වගේ ඉන්න ඇමැති සයිස් මහත්තයෙකුටලු...

හැබැයි මුන්නැහේ අලි පාටියට එහෙම සිග්නල් දැම්මට පොහොට්ටුවෙන් මහ පුටු සටනට එනවය කියන ගෝඨ උන්නැහේගෙ කන්තෝරුව පැත්තෙන් පසුගියදාක කැරකුණ බව තතුදත් අය කියනවා.

ඔරුවෙ මොනපිට පෙරළුණත් උන්නැගේ ඒ පිට හොඳයි කියන සයිස් එකටයි වැඩේ යන්නෙ... හැබැයි අපි මුලින් කිව්ව උතුරෙ පාටි ලොක්ක නම් මේ මාස ගණනත් තමන් මුල ඉඳලා පය තියාගෙන හිටපු තැනම ඉන්නවා කියලා ආණ්ඩුවට දන්වලලු...