හිටපු ලොකු නෝනගෙ සංවිධානෙන් මේ ඊයෙ පෙරේදා මීගමු පළාතෙ අත පාටියෙ කස්ටියට සමුළුවක් තිබ්බලු...
හැබැයි ඒකට ආරාධනා කරපු හුඟ දෙනෙක් මේ වැඩේට බාල්දිය පෙරළුවා කියලා පක්ෂයෙ කස්ටියම කියනවා. මෙතන දේසනයක් කරන්න අලි පාටියෙන් පත්වෙච්ච න්‍යායාචාර්ය කෙනකුට ආරාධනා කිරීම ගැන ජනාධිපති නීතීඥ මට්ටමේ ඇමැති කෙනකුයි... හිටපු මහ ලේකම් සයිස් ඇමැති කෙනකුයි ලොකු ගෝරියක් දැම්මා කියලා කියනවා.
මේ හැමෝම මේ විදියට වලි ඇද්දෙ තමන් අකමැති වගන්ති තියෙන ව්‍යවස්ථා කතාවක් දාලා මැති ඇමැති මතය දිනාගන්න හදපු නිසා කියලයි ආරංචි. තවත් නම් මෙවැනි වැඩවලට අපි නෑ කියලත් මේ මැති ඇමැති කස්ටිය කීවලු.