2019 අප්‍රේල් 26 වන සිකුරාදා

එයා එනවා නම් මම නැහැ

 2019 අප්‍රේල් 26 වන සිකුරාදා, ප.ව. 06:17 694

රටේ ආරස්සාව ගැන කතාකරන්න ආණ්ඩුවෙ ලොකු ලොක්කන්ගෙ රැස්වීමක් පසුගියදා පැවැත්තුවා... ඒත් ඒ රුස්වීමට රටේ ලොකු මහත්තය සහභාගි වෙන්න එක්තරා කොන්දේසියක් මත පමණක් බව උන්නැහේගෙ නිලධාරි අලි පාටියෙ ලොකු ලොක්කන්ට දැන්නුවා...

ආණ්ඩුවෙ එක්තරා ඇමැති කෙනෙක් සහභාගි වෙනව නම් තමන් ඒකට නොඑන බවටයි කොන්දේසිය පැනවුණේ.

ඒකට හේතුව ඒ ඇමැතිතුමා මාධ්‍ය සාකච්ඡා තබමින් රටේ ලොකු මහත්තයගෙ පැත්තෙ උදවියගෙ අඩුපාඩු නිසා මේ විපත සිද්ධවුණ බව ප්‍රකාශ කිරීමලු... තමන් ඉලක්ක වන ලෙස තමන්ගෙ මිනිස්සුන්ට ගහන ඇමැතිලා එක්ක රුස්වීම්වලට එන්නෙ මොකටද කියන එකයි උන්නැහේගෙ කතාව....

මේ චෝදනාවට ලක්වුණ ඇමැති තැන 2015 දී මුන්නැහේ රටේ මහ පුටුවට ගේන්න මහ මෙහෙවරක් කරපු සටනින් පරාජිත නොවුණ ඇමැති කෙනෙක්... ඇමැතිතුමා වගේම එයාගෙ පුත්‍රයාත් මේ වැඩේට බැහැලම හිටියා...

කොහොම හරි දැන් එයා ගැන ලොකු මහත්තයගෙ විරසකයක් පටන් අරන්... අන්තිමේදී මේ ප්‍රශ්නය බරපතළ වෙන්න නොදී ගොඩින් බේරගන්න කරපු සාකච්ඡාවකින් පස්සෙ ඇමැති එන රුස්වීමට සහභාගි වෙන්න ලොකු මහත්තය තීන්දු කළා.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00