වෙලා තියෙන බෝම්බ සිද්ධිය ගැන තැන් තැන්වල එක එක අයගේ නම් ගම් කියන එක ගැන ආරක්ෂක අංශයේ ලොක්කෝ රටේ මහ තැනට පැමිණිල්ලක් දාන්නලු යන්නේ. මෙහෙම එක එක අය එක එක කතා කියපුවම පරීක්ෂණයක් හරියට කරගන්න බෑ කියලයි මේ අය කියන්න හදන්නේ.
මේක ජාත්‍යන්තර ත්රස්තවාදයක් බව දැනගෙනත් රටේ ප්‍රශ්නයක් බවට පත් කරන්න යන කොළඹ දිසාවෙ කෙනෙක් ගැනයි කළුතර කෙනෙක් ගැනයි කෙළින්ම නම් ගම් කියලම කියන්නලු යන්නේ. මේ අය මුස්ලිම් ඡන්ද ගැන හිතලා කරන මේ ප්‍රකාශ නිසා පහුගිය ටිකේ තොරතුරු දුන්න අයත් නොදෙන තැනට ඇවිත් කියලයි ආරංචිය. ඒ නිසා මේ කතා නවත්තලා දෙන්න කියලා ආරක්ෂක අංශයේ ඈයෝ ඉල්ලීමක් කරන්නයි හදන්නෙ.
මේ අතර තව කිහිප දෙනෙක් ඉන්නවලු මාධ්‍යවලට තොරතුරු කියන්න කියලා ආරක්ෂක තොරතුරැ ඉල්ලා කරදර කරන. ඒ අයටත් කතා නොකර ඉන්න කියලා කියන්න යනවලු. තැනක් නැතිව කතා කරන අය මේ දේවල් පටිගත කරනවා කියලත් ආරක්ෂක අංශයේ අයට වාර්තා වෙලාලු.