මේ දවස්වල හටගෙන තිබෙන ආරස්සක ප්රශ්න ගැන මේ රටේ එක්තරා රෑපවාහිනී නාලිකාවක් සාකච්ඡාවක් ලෑස්ති කළා... ඒකට ආරාධනා ලබල හිටියෙ දියවන්නා කවුන්සිලේ ඉන්න සියලුම ආගම් නියෝජනය වන මන්ත්රීවරු ඇමැතිවරු කට්ටියක්. ආණ්ඩුවෙ උදවියට වගේම විපක්ෂයෙ අයටත් ආරාධනා තිබුණා...
මේ ගැන අලි පාටිය නියෝජනේ කරන බැතිමත් කතෝලික ඇමැතිතුෙමකුටත්, බැතිමත් කතෝලික මන්ත්රී සයිස් කෙනකුටත් ආරාධනා ලැබුණ කියමුකො...
ඊට පස්සෙ උන්නැහේල සොයල බැලුව කවුද මේකට එන අනිත් උදවිය කියල...
ඒ එන අයගෙ නම් ලැයිස්තුව අරන් එක මන්ත්රී සයිස් මහත්තයකුගෙ නම යටින් ඉරක් ඇඳපු අලි පාටියෙ දෙන්න... මෙයා එනව නම් අපිට ඔය සංවාදෙට එන්න බැහැ කියල ප්රතික්ෂේප කළා.
මාද්දිය කස්ටිය කොපමණ ඉල්ලීම් කළත් උන්නැහේල නෙවෙයි ඒකට ප්රතිචාර දැක්වුවෙ.. මේකෙ ලස්සන වැඩේ ඒක නෙවෙයි. උන්නැහේල එකට සාකච්ඡා මේසේ වාඩිවෙන්න අකැමැති වුණේ අලි පාටියෙ කොළඹ දිසා මන්ත්රී කෙනෙක් එක්ක වීමයි...