ආණ්ඩුවෙ ඉන්න ඉහළම ඇමැති කෙනෙක් තමන්ගෙ ඇමැති සගයන් කිහිප දෙනෙක් එක්ක ජාතික ආරක්ෂාව ගැන සාකච්ඡාවක් කරමින් හිටිය... මේ ඇමැතිවරයා ත්‍රස්තවාදයෙන් තමන්ගෙ පවුලෙ ප්‍රබලම පුරුක අහිමි කරගත් කෙනෙක් කීවොත් වරදක් නැහැ...
උන්නැහේ තමන්ගෙ ඇමැති සගයන්ට කිය කියා හිටියෙ ආණ්ඩුවෙ බුද්ධි අංශ පසුගිය කාලෙ දුර්වල වුණා. ඒ නිසා තමයි මේ වගේ දරැණු ත්‍රස්තවාදී ප්‍රහාරයකට රට ගොදුරු වුණේ කියල.
ඒකට විසඳුම මොකක්ද කියල ඒ පාර ඇමැති සගයො සාකච්ඡා කරන්න පටන් ගත්ත... එක එක්කෙනා නොයෙක් නොයෙක් යෝජනා ගෙනාවයි කියමුකො...
දුර්වල වුණු බුද්ධි අංශ ශක්තිමත් කරන්න ඕන කියල මුලින්ම යෝජනාව ගෙනාපු අලි පාටියෙ රැහුණු පළාතෙ ආසනයක් නියෝජනේ කරන ප්‍රබලය කිව්ව... මේකට තියෙන සැබෑම විසඳුම තමයි තමන්ගෙ පවුලටත් හානි කළ කොටි ත්‍රස්තවාදෙ තුරන් කළ මානුෂික මෙහෙයුමට රාජපක්ෂලගෙ කාලෙ නායකත්වය දුන්න බුද්ධි අංශ ලොක්කො කිහිප දෙනෙක් නැවත සේවයට කැඳවීම කියලයි...
එතකොට එතන හිටපු දකුණෙන්ම බිහිවුණු බොහොම නිදහස් මතධාරී (ලිබරල් කිව්වොත් වඩාත් හොඳයි) ප්‍රබල ඇමැති කෙනෙක්... ඇහුව කවුද ඒ බුද්ධි අංශ උදවිය කියල...
ඊට පස්සෙ යෝජනාව කළ ඇමැති තැන බුද්ධි අංශයෙ ඒ කාලෙ අතිදක්ෂ මෙහෙවරක් කළ කිහිප දෙනෙක්ගෙ නම් කිව්ව... ඒ නම් ටික අහන් හිටපු දකුණෙ ලිබරල් ප්‍රබලය නළල රැලි ගන්වල හාස්‍යයට බර හිනාවක් දැම්ම...
ඔය කට්ටිය ගෙනල්ල බුද්ධි අංශය භාර දෙනවට වඩා හොඳයි.. ගෝඨ ගෙනල්ල බුද්ධි අංසෙ භාරදෙන එක උන්නැහේ කිව්ව... ඒ එක්කම සාකච්ඡාවත් හමාර වුණා.