2019 මැයි 11 වන සෙනසුරාදා

වරද කාගෙද?

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 634

උතුරු සන්ධානෙ ලොකු මහත්තයා තමන්ගෙ මන්ත්‍රී සගයකුත් එක්ක රටට වෙලා තිබෙන දේ ගැන බර කතාවකට වැටිල හිටියා... පාස්කු ඉරිදා සිද්ධ වුණු ඛේදවාචකය මේ තරමින් පාලනය කිරීම ගැන ආණ්ඩුවට හොඳ කිව්ව මන්තිරි තැන වැඩේ අවුල් කරන්න හදාපු කණ්ඩායම්වලට දොස් කියන්නත් පටන් ගත්තා...

මෙහෙම දොස් කියනකොට උතුරැ සන්ධානෙ ලොකු තැන සද්ද නොකර කතාවට සවන් දුන්නා... අන්තිමට කතාව කරගෙන ගිය මන්ත්‍රී තැන මෙහෙම කිව්ව...

සර් දැන් බලන්න ආණ්ඩුව මේ වැඩේ පාලනය කරන්න හදනකොට... මේක කවුද ටිකක් අවුල් කළේ. බරපතළ කරන්න හැදුවෙ... ඔය සෝෂල් මීඩියාකාරයො. (වෙබ්අඩවි - ෆේස්බුක් කට්ටිය) එයාලා තමයි මේක වණ කළේ.. හොඳ වෙලාවට ආණ්ඩුව ඒක තහනම් කළේ... මන්තිරි තැන තදින් කිව්වා... 

ඒ කතාව අහගෙන ඉඳල මඳ හිනාවක් දාපු උතුරු සන්ධානෙ ලොකු මහත්තයා..

අයිෂෙ ඕක බොරු කතාවක්නේ... මීට වඩා ලොකු කලබලයක් 1983 තිබුණා... එතකොට ඔය සෝෂල් මීඩියා කොහේද තිබුණෙ. එදා සෝෂල් මීඩියා තිබිලද රට ඇවිලුණේ... ඒ නිසා ඔය වගේ කතා කියනකොට බලාගෙන... එයා අවවාද කළා... මන්ත්‍රීතුමා බිම බලාගත්තා.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00