2019 මැයි 18 වන සෙනසුරාදා

අලුත් පාරක් සොයනවලු

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 565

කෙනෙක් ආණ්ඩුවෙ වැඩ ගැන හොඳටම කලකිරිලලු ඉන්නෙ... උන්නැහේ දැන් දැන් පොහොට්ටුව පැත්තට නමස්කාර කරන්න පටන් අරන්ය කියල තිරය පිටුපස කතාවක් යනව...

තමන් රටේ ඉහළ තැන්වලට කොපමණ සේවය කළත් තමන්ට ඒකට නිසි සැලකිල්ල විතරක් නෙවේ සුහදතාවයවත් ලැබුණෙ නැහැ කියලයි උන්නැහේගෙ මැසිවිල්ල...

ඒ නිසා තමන් පසුගිය කාලෙ ඈත්වෙලා හිටියත් රටේ හිටපු ලොකු තැන එක්ක ඇයි හොඳයියක් ගොඩනගාගන්න දැන් පණිවුඩ එවන්න පටන් අරන්ලු.

එයාල මනාප නම් පොහොට්ටුවෙන් ඡන්ද කරන්න වුණත් මේ පළාත් ආණ්ඩුකාර තැන කැමැත්තෙන් ඉන්නවලු.

ගමේ දේශපාලනේ දි දක්ෂයෙක් ලෙස වැඩ කරපු මුන්නැහේට ඒ අලුත් පාර කැපෙනවද නැද්ද කියලයි දැන් තතු දත් අය බලා ඉන්නෙ.