2019 මැයි 18 වන සෙනසුරාදා

සහජීවනේ

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 473

ආණ්ඩුවෙ ඉන්න වියපත් මැති ඇමැති ගොල්ල සහ විපක්ෂයෙ ඉන්න තරුණ මන්ත්‍රී කණ්ඩායම මේ දවස්වල හරි එකතුයිලු. ඒ එකතුව ඇතිවෙලා තියෙන්නෙ සමාජ මාධ්‍ය ජාලා තහනම නිසා කියල තතු දත් අය කියනව...

ආණ්ඩුවෙ ඉන්න සමහර ලොකු ලොක්කන්ට සමාජ ජාලා තහනම නිසා තම තමන් දන්න කියන සුන්දර අයටවත් කතා කරගන්න බැරුවලු ඉන්නෙ..

ඒ වුණත් විපක්ෂයෙ ඉන්න දේශපාලන පැංචො නම් වී.පී.එන්. එකට රිංගල සමාජ මාධ්‍ය එක්ක හරි හරියට ගනුදෙනු කරනවලු...

ඉතින් ඒ විදියට තමන්ටත් වී.පී.එන්. යන්න පුළුවන් ක්‍රමය සොයාගන්න ආණ්ඩුවෙ සමහර ජ්‍යෙෂ්ඨයො විපක්ෂයෙ තරැණ කස්ටියගෙ සහාය ඉල්ලුව කියල දියවන්නාව පැත්තෙන් පුංචි ආරංචියක් ලැබුණා. එක්තරා වියපත් ආණ්ඩුවෙ ජ්‍යෙෂ්ඨයෙක් දකුණෙ තරුණ විපක්ෂ මන්තිරි කෙනෙක් හමුවෙලා අනේ මල්ලියේ කොහොමද බං මේ හුටපටේට සැට්වෙන්නෙ කිය කිය පස්සෙන්ම ආවලු...

මේ ඇමැතිතුමාට වට්ස් ඇප් නැතුවම බැහැ කියලත් කීවලු... පසුගිය කාලෙ එක එක පින්තූරවල හිටපු මුන්නැහේ ෆේස්බුක් නැති වෙලාවටවත් අපි සහජීවනෙන් වැඩ කරමු බං කියලලු කියන්නෙ.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00