අලි පාටියෙ අය කොපමණ කිව්වත් ෆොනී තුමාට පොලිසිය භාරදෙන්න ඉහළින් කිසිම කැමැත්තක් නැහැ කියලයි ආරංචි... අලි පාටිය පැත්තෙන් වුණත් තවම ඒ ගැන නිර්දේශයක් ගිහින් නැත්තෙ ඉහළම තැන්වල ඊට තිබෙන අකැමැත්ත නිසාලු...
මේ ගැන රටේ ඉහළම මන්දිරේක ඉන්න මහත්තයත් එක්ක අලි පාටියෙ මැති ඇමැති දෙතුන් දෙනෙක් පසුගියදා ඉතාම සුහදව විමසීමක් කළා කියල කියැවෙනව. එතකොට කෙළින්ම නොකීවත් අලි පාටියෙ අයට තේරෙන භාෂාවෙන් ඉහළම උදවිය කියල තිබෙන්නෙ ඕක නම් නොකෙරෙන වෙදකමක් කියලයි.
හැබැයි ඔය ගොල්ලන්ට ඕනෑම නම් මම මේ තනතුර අහවලා වගේ කෙනකුට දෙන්න අකැමැත්තක් නැහැ කියලලු...
ඒ අහවලාත් අලි පාටියෙ ඉන්න ජ්‍යෙෂ්ඨම චරිතයක් කියල කියවෙනව. උන්නැහේ මීට කලකට පෙරත් ඔය කියන පොලිස් ඇමැති පට්ටම දැරෑ කෙනෙක්ලු... ඉතින් ඉහළින් ලැබුණු මේ පණිවුඩය අලි පාටියෙ ලොකු තැන්වලටත් මේ වෙනකොට හම්බුවෙලා කියනව...
ඒ ගැන උන්නැහේල ගන්න තීරණය අද හෙටම දැනගන්න පුළුවන් වේවිලු.