රටේ ලොකු මහත්තයා දේශපාලනෙන් විශ්රාම ගන්න දවසට උන්නැහේගෙ 'පියන්'වැඩේ කරන්න සූදානම් කෙනෙක් දැනටමත් ඉදිරිපත් වෙලා ඉන් බවට ආරංචියක් පැතිර යනවා...
මේ 'පියන්' වැඩේ කරන්න සූදානම් උන්නැහේ විසින්ම තම තමන්ගෙ හිතවතුන් ගණනාවක් එක්ක එයාගෙ තීරණය ගැන කියලත් තිබෙනවා...
මෙහෙම ලොකු මහත්තයගෙ පියන් වැඩේට සූදානම් වෙන උන්නැහේ දැනට ආණ්ඩුවෙ ඉතා වැදගත් ඉහළ දේශපාලන තනතුරක් දරන කෙනෙක්... තව ටිකක් විස්තර කරලා කිව්වොත් ඈත පළාතක 'ආණ්ඩුකාර'සයිස් උන්නැහේ කෙනෙක් කියලත් කියන්න පුළුවනි...
මේ දවස්වල රටේ ලොකු මහත්තයට ඉතාම සමීපව කටයුතු කරන හැම රුස්වීමකම පාහේ දක්නට ලැබෙන මේ ආණ්ඩුකාරතුමා බොක්කෙන්ම ලොකු මහත්තයගෙ හිතවතෙක් බවයි කාරණා කාරණා දන්න අය කියන්නෙ...
දිවා රූ නොබලා උතුර සහ දකුණෙ ජනතාව එකතු කරන්න සමගි සන්ධාන කටයුතුවලට වෙහෙසෙන ආචාර්ය පට්ටමකටත් හිමිකම් කියන මේ ආණ්ඩුකාරතුමා තමන් පියන් වැඩේ භාරගත්තොත් බස් එකෙන් හරි පයින් හරි ගිහිල්ල වුණත් රාජකාරි කරන්න සූදානම්ලු.
ආණ්ඩුකාරකමෙන් පියන්කමට යන එකත් ඓතිහාසික වැඩක්... ඒ නිසා තතු දත් හැමෝම උන්නැහේගෙ තීරණයට ප්රශංසා කරනවලු...