2019 මැයි 25 වන සෙනසුරාදා

අත වනනවලු

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 572

ඒකාබද්දෙ බලකණුවක් අලි පාටිය පැත්තට අදින්න ලොකු ට්‍රයි එකක් දෙනවය කියල තිරය පිටුපස එක කතාවයි... මේ බලකණුව ඒකාබද්දෙ ලොකුම පුටුවක ඉන්න රටේ ලොකු දේශපාලන පවුලකට සම්බන්ධ කෙනෙක් කියල ආරංචියක් ගියා.
මේ දවස්වල වැඩි සද්දයක් බද්දයක් නැතුව තමන්ගෙ වැඩ කටයුතු පමණක් බලාගෙන ඉන්නවය කියන මුන්නැහේලට වෙනම දේශපාලන කඳවුරකුත් තිබෙනවා...

කලකට පෙර උන්නැහේ ඊළඟ මහපුටු ඡන්දෙට තමන්ගෙ නාමයෝජනාව ඒවි කියලත් බලන් හිටියලු.

කොහොම හරි අලි පාටියෙ ඉහළ තැන් එක්ක මුන්නැහේලගෙ දිගුකාලීන ඇයි හොඳයි කමකුත් තියෙන නිසාලු මේ ගැන පැතිරෙන ආරංචි සැල්වීනියාවලටත් වඩා වේගෙන් පැතිරෙන්නෙ...

කොහොම නමුත් කවදත් වමට බර ප්‍රගතිශීලී කඳවුර නියෝජනේ කරපු මුන්නැහේ කරන්න යන්නෙ මොකද්ද කියල තවමත් නිච්චියටම කියන්න අමාරුයි.