2019 මැයි 25 වන සෙනසුරාදා

පාටට වාරණයක්

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 543

වෙසක් උත්සවේ චාමෙට කළත් ගෙවල් දොරවල්වල සැරසිලි අඩුවක් තිබුණෙ නැහැ... වෙනදටත් වඩා හැමෝම වෙසක් උත්සවය ගෙවල්වල ඉඳගෙන ජයට සමරන්න උත්සාහ ගත්තෙ... මේක බෞද්ධයන්ගෙ රටක් කියල පෙන්නන්නත් හිතාගෙන කියලයි සමහර වේදිකාවලින් ප්‍රකාශ වුණේ...

ඉතින් කොහොම හරි බෞද්ධ ව්‍යාපාර ජාලයක් තියෙන කිරිබත් ගැන කියනකොට මතක්වෙන කොළඹට කිට්ටු නගරෙක වෙසක් සැරසිලි උපකරණ විකුණන ලොකු ව්‍යාපාරයක් තියෙනවා.

පළාතෙ ජනතාව වැඩිපුර එතෙන්ට එන්නෙ වෙසක් සැරසිලි මිලට ගන්නයි. විවිධ වර්ණයෙන් යුත් වෙසක් කූඩු - බල්බ් - බල්බ්වැල් තොග පිටින් මෙවරත් අලෙවියට තියල තිබුණා.

ජනතාවත් ඇවිල්ල ඒව හරි හරියට මිලට ගත්ත. හැබැයි එක්තරා පාටක බල්බ් - බල්බ්වැල් විතරක් නෙවෙයි වෙනත් සැරසිලිවලටත් කිසිම ඉල්ලුමක් තිබුණෙ නැහැ...

ඒ විශාල ව්‍යාපාර ආයතනයට ආපු සියලු දෙනාම පාහේ ඒ පාට විදුලි බල්බ් විතරක් නෙවේ සැරසිලිත් ගත්තෙම නැතිලු... ඒකට හේතුව දේශපාලන හේතුවක් කියල පළාතෙ මිනිස්සු කීවට ඒ ව්‍යාපාර සමාගමේ අය නම් මුකුත්ම කිව්වෙ නැහැ.