මහින්ද - මෛත්‍රී ආණ්ඩු දෙකේම ඇමැතිකම් කරලා දැන් ඇමැති නොවන තරුණ පහේ හිටපු ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවා. මෙයා කළු කෝට්ධාරී උන්නැහේ කෙනෙක් කියලා කිව්වොත් වරදක් නැහැ...
එයා ගැන කොළඹ දේශපාලන අංශවල පැතිර යන ආරංචියකින් කියැවුණේ මේ දවස්වල උන්නැහේ ඉතාම රහසින් ලොකු බ්‍රෝකර් වැඩකට බැහැලය කියලයි...
මේ බ්‍රෝකර් වැඩේ කරන්නේ තමන්ගේ හිතවතෙක් වගේම දුර ඥාතියෙක් වන ඇමැති සයිස් කෙනෙක් වැටිලා ඉන්න අමාරැවෙන් බේරගන්නලු.
මේ දවස්වල රටේ ප්‍රධාන මාතෘකාවක් වෙලා ඉතාම දුෂ්කර තැනකට වැටිලා ඉන්න ඇමැති සයිස් මිත්‍රයා වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී නොසිටින මේ හිටපු ඇමැත්තා රහසිගතව යම් යම් දේශපාලු තුමන්ලට විතරක් නෙවෙයි මාධ්‍ය අංශවල කස්ටියටත් එක එක යෝජනා ගේනවලු. අරයා ගැන අරම කරන්න එපා.... එහෙම නොකර ඉන්නව නම් අපි ඔයාලා බලාගන්නම් වගේ කතාවලුත් කියනවලු... සන්තෝසම යෝජනාත් ගේනවලු.
උදේට හිටපු ලොකු තැනලයි ගෙදර, දවල්ට ගෝඨලගෙ ගෙදර, හැන්දෑවට රටේ ලොකු තැනගේ ගෙදර වගේ හැමතැනම ගැවසෙන මෙයා මේ කරන බ්‍රෝකර් වැඩේ ගැන ඉව වැටුණු සමහර බලවත් උදවිය මෙයාගේ පිටිපස්සෙන් යන්න කාකිසූට් කස්ටියටත් උපදෙස් දීපු බව තතු දත් අය කියනවා...
මෙයාගේ නම එකපාරටම අපට සඳහන් කරන්න බැහැ. එක කාලයක් ලංකාවේ තිබුණ ලොකුම සමාගමක නමත් මෙයාගේ මුල නමත් එක වගේය කියලා කියන්නත් පුළුවන්.