අත පාටිය නියෝජනේ කරන මන්තිරිගොල්ල එකතු වෙලා පසුගිය දාක රටේ ලොකු මහත්තයට ලියුමක් දුන්නෙ නැවතත් මහ පුටු සටනට එන්න කියලයි...
මේ ලියුම සකස් කරලා අත පාටියේ සේරම වගේ අත්සන් කළා.. නමුත් දෙතුන්දෙනෙක් ඒකෙන් මග ඇරියා..
කොහොමහරි ලියුම භාරදෙන අවස්ථාවට මන්තිරිගොල්ලන් පිරිසක් එකතු වෙලා හිටියා.. එතන හිටපු ජ්යොෂ්ඨතම මන්තිරිතුමා ලොකු තැනට ලියුම භාර දුන්නා.
ඊට දවස් ගණනකට පස්සේ මේ ලියුම ලියාපු එක භාරදිපු උදවියගෙන් අත පාටියෙම සමහරු ප්රශ්න කරන්න ගත්තේ පොහොට්ටුවත් අපට ආරාධනා කරනවා. ලොකු තැනත් අපට කතා කරනවා.. දැන් අපි ලියුමකුත් අත්සන් කරලා ලොකු තැනට නැවත එන්න කියලත් කියනවා.... මොකද අප්ප කරන්නෙ කියලයි....
මේ කතාව යද්දි එතන හිටපු අත පාටියේ ඇඟපත මහත ඒ තරම් උස නැති ධනවත් ජ්යොෂ්ඨයෙක් තමන්ගේ හඬ බාල කරලා මෙහෙම කිව්වලු.
ගණන් ගන්න එපා මල්ලිලා.. බෝට්ටුව පෙරළෙන්න නම් යන්නෙ අපි පෙරළුණු පිට හොඳයි කියමු.... අපිනෙ එයාට ලියුම දුන්නේ. අපිටම පුළුවන් ඕනෙනම් ඒක අස්කරගන්නත්..... කියලා හා..හා..හා.. ගාලා මහ හඬින් හිනා වුණා..
එතැනට ආපු අත පාටියේ කනිෂ්ඨ මන්තිරිගොල්ල තක්බීර් වුණා....