ආණ්ඩුවෙ ඉහළම ලේකම් පට්ටම් දරන දෙන්නකුට රතු එළි පත්තුවෙලා කියල ලොකු කතාවක් යනවා.
එක්කෙනෙක් ඊයෙ පෙරේදා මහා ආන්දෝලනේට ලක්වුණ ගැසට් ගහපු එක්කෙනා කියලයි ආරංචි... විශ්රාමය අද්දර ඉන්න උන්නැහේගෙ අමාත්යංසෙ ඉස්සර තත්ත්වෙත් එක්ක ගත්තම හඬ මිස වැඩ නැති තැනක් බවට පත්වෙලා කියලා ඉහළ තැන්වලින් කියැවිලා...
රටේ ආර්ථිකේ ගැන වැදගත් තීන්දු තීරණ ගත යුතු තැන පයිල් අතගගා ඉන්න තැනක් බවට පත්වෙලා කියලත් සමහර දේශපාලන ලොක්කො කියනවලු...
ඒ ලේකම් තැනට අමතරව රතු එළිය දැල්විලා තියෙන්නෙ රටේ ලොකුම කන්තෝරැවෙ උණුසුම් පුටුව දරන කෙනාටලු... තතු දත් අය කියන්නෙ එයා වෙනුවට උදය කෙනෙක් එතෙන්ට එන්න පුළුවන් කියලයි.