පසුගියදා තනතුරුවලින් ඉවත්වුණු මුස්ලිම් ඇමැතිවරු කස්ටියගෙන් දෙන්නෙකුට ඉක්මනින් තනතුරු ගන්න ඕන වුණාලු...
ඒ අය කියන්නේ තමන්ගේ ජනතාවට සේවය කරන්න ඕන නිසාත් ජනතාවට ආරක්ෂාව සලසන්න ඕන නිසාත් තනතුරැ තිබීම වැදගත් කියලයි
මේ කියන දෙන්නම අනිත් අය බලා ඉඳිද්දී දිවුරුම් දීලා වැඩ භාරගත්තා. පක්ෂයේ ලොකු තැනට දන්වන්නෙත් නැතුවලු මේ දිවුරුම උන්නැහේල දුන්නෙ.
එයාලා තනතුරැ ගන්න දත මැදගෙන හිටියත් නැගෙනහිරින් පත්වුණ හාරිස් උන්නැහේලා ඒකට ලොකු පොල්ලක් දැම්ම කියලා තතු දත් අය කියනවා.
කවුරැහරි හදිස්සියට තනතුරු ගැනීම තමන්ගේ ජාතිය පාවා දීමක් හැටියටත් ඒ අය හඳුන්වනවා... නමුත් දැන් වැඩේ කම්මුතුයි.
ඒ අතරේ මුස්ලිම්වරැන්ගේ ආරක්ෂකයන් වගේ සැබෑ නායකයන් අපිය කියමින් එයාලට ලොක්කෝ වෙන්න තවත් කස්ටියක් ට්රයි කරනවලු..
තනතුරැ ගැනීමට විරුද්ධ අය මේ කණ්ඩායමට ලොකු බලපෑමක් කරන්නේ ඊළඟ මහපුටු ඡන්දය එනතුරු තනතුරු ගන්න එපා කියලලු.