ඉල්ලා අස්වුණ මුස්ලිම් ඇමැති සෙට් එක වෙනුවට ඒ අමාත්‍යංශවලට අලුතින් කළ යුතු පත්වීම් ගැන අලි පාටියෙන් රටේ මහ කන්තෝරුවට නිර්දේශයක් ගියා....
ඒත් ලොකු මහත්තයා ඒ නිර්දේශ කළ නම් පැත්තක තියෙද්දි ඒ අමාත්යංශවලම හිටපු උප කස්ටිය තුන්දෙනකුට වැඩ බලන ඇමැති පට්ටම් පංගාර්තු කොළා.
හැබැයි මේ වැඩේට අලි පාටියේ ඉහළ තැන් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ.
විරෝධය කොච්චරද කිව්වොත් මේ වැඩේ නීතියේ හැටියට වැරදියි කියලා අලි පාටියෙන් ලොකු තැනට ලියුමකුත් ලිව්වා... ඒ අතරේ වැඩ බලන්න පත්කළ උප කස්ටිය හෙමින්ම තමතමන්ගේ අමාත්‍යංශවල වැඩ ඇල්ලුවා කියමුකෝ....
ඔහොම වැඩ බලන්න පත්කළ තරැණ ජනප්‍රිය උප ඇමැති කෙනෙක් ඉන්නවා.. උන්නැහේ දකුණෙ බුද්ධිමත් දේශපාලන පොරක් හැටියට ප්‍රසිද්ධයි.
උන්නැහේ උප ඇමැති පට්ටමකට සුදුසුකම් ලබලා හුඟක් කාලෙකට පස්සෙ තමයි පසුගියදා එයාට උප ඇමැති පට්ටමක් ලැබුණෙත්.
ඉතින් උන්නැහේ හම්බුවෙන්න ආපු මිතුරෙක් අලුතින් එයාට ලැබුණ වැඩ බලන පට්ටම ගැන සුබ පතන ගමන් ප්‍රශ්නයක් ඇහුවලු..
පක්ෂයේ ඉහළින් කැමැත්තක් නැතුව මේ වැඩ බලන පට්ටම භාරගැනීම ලෙඩක් නේද කියන එකයි මිතුරා අහපු ප්‍රශ්නේ...
තම මිතුරා මේ ප්රශ්නය ඇහුවම වැඩ බලන තරැණ ඇමැති තැන එයාට දුන්නේ මේ වගේ උත්තරයක්ලු.
මොනවද මේ කතා... අපේ පාටියේ කෙරෙන වැඩවල හැටියට පක්ෂයේ ඉහළ තැන්වලින් නම් මට ජීවිතේට නමටවත් ඇමැති පට්ටමක් දෙන්නෙ නැහැ.. ඉතින් මේ වැඩේ භාරගන්න කියලා කිව්වම මම නම් කාගෙන්වත් අහන්න ගියේ නැහැ.. කියන පරක්කුවෙන් ගිහිල්ලා දිවුරුම දුන්නා.. මම එහෙම කළේ අපේ කස්ටියගෙන් නම් කවදාවත් මෙහෙම චාන්ස් එකක් නොලැබෙන හින්දයි... අපිට තියෙන්නේ ඇඹරෙන කඹේට ඇඹරෙන්නයි... ඒකයි මමත් කළේ.. ඇමැති තැන උත්තරේ හමාර කළා.