පාස්කු බෝම්බ සිද්ධිය දවසේ කොළඹ ප්රධාන පෙළේ තරු හෝටලයක පිපිරීමක් කරන්න හදලා ඒක සිදුනොවීම ගැන නොයෙක් කතා පැතිරෙන්න ගත්තා...
මේ ඊයේ පෙරේදා ඒ කතාවට අලුත් අර්ථකථනයක් දුන්නේ අත පාටියේ මහ ලේකම් උන්නැහේ. එයා කිව්වේ මේ හෝටලේට පහර නොදුන්නේ ඇයි කියලා සොයලා බලන්න කියලයි. ඒ වගේම එයා තවදුරටත් කිව්වා ප්රහාරය එල්ල කරන්න නියමිත වූ වෙලාවේ හෝටලය ඇතුළෙ හිටියෙ කවුද කියලත් හොයලා බලන්න කියලා...
මේ විදිහට දයාවට බර මහ ලේකම් රාජකීය ඔත්තුවක් දුන්නම යමක්කමක් දන්න කියන අය ඒ ගැන හොයන්න බලන්න පටන්ගත්තා.
මේ ගැන හුඟක්ම උනන්දුවෙන් සොයන්න බලන්න පටන්ගත්තේ ආණ්ඩුවෙම දේශපාලුතුමාලලු... අන්තිමට මේ ගැන සොයාගෙන සොයාගෙන යනකොට දැනගත්තේ ඒ වෙලාවේ ඔය කියන ගාලු මුවදොර තරැ හෝටලේ ඇතුළෙ හිටියේ බොහෝම ප්රබල රටක මහ කොමසාරිස් (තානාපති) කෙනෙක් කියලයි..
එයා කාලයක් තිස්සේ මේ රටේ සේවය කරන කෙනෙක්.. එයා හෝටලේට ඒමයි මහලේකම් තැනගේ ඔත්තුවයි එකට ගලපන්නේ කොහොමද කියලා දැන් තතු දත් අය සොයා බලන්න පටන් අරන්ලු.