පමාවෙවී තිබුණ කැබිනට් සංශෝධනේට රහසෙම දින නියම කරන්ලු...ආණ්ඩුව බරපතළ ප්‍රශ්නෙකට ඇදලා දාලා දවසින් දවස ඒ ප්රශ්නය වන කරගන්න එක්තරා ඇමැති කෙනෙක් වහාම ඉවත් නොකළොත් ආණ්ඩුවට ගමනක් නැහැ කියල රජයේ ඉහළම ලොකු තැන්වලට දැන් තේරිලා කියලයි ආරංචි...
ඒ නිසා අනිත්වා කොහොමවුණත් ඇමැති කූට්ටමේ දෙන්නකුගෙ තනතුරු මේ මාසේ දෙවැනි සතිය වෙනකොට වෙනස්වීම ස්ථිරලු. ලෝක මූල්‍ය අරමුදලෙ අධ්යක්ෂ ජනරාල් නෝන ලංකාවට ඇවිත් ගිය හැටියෙ මෙක සිද්ධ කරන්න සේරම සූදානම් කියනවා.
ආර්ථික පැත්ත බලන කෙනෙක්ගෙ නතතුර නම් කොහොමත් මාරු වෙනවලු... ඊළඟට වනවෙච්ච අයිටම් එක භාර අයටත් යන තැනට වැඩ සිද්ධවෙලාලු. ඒත් එයා රැකගන්න අලි පාටියෙ ඉහළින් සටනක් දෙනව කියල ආරංචියි. නමුත් ලොකු මහත්තය ඉන්නෙ වෙනසකින් තොර ගමනක් නැහැ කියන තැනලු.