ලංකාවෙ මහ-අධිකරණයකට විනිසුරුතුමෙක් පත්කරපු කතාව සෑහෙන්න ආන්දෝලනයට ලක්වුණා... මේ ආන්දෝලනේ දේශපාලන වේදිකාවලත් ලොකුවට පට්ට ගහපු කතාවක්...
ආණ්ඩුවෙ ඉහළ තැන් මේ පත්වීම ගැන එකක් කියද්දි නීති සංගම් නොයෙක් දේ කීම නිසා වැඩේ සෑහෙන්න අලවුණා.
ඊටපස්සෙ ලොකුම මන්දිරයකින් අලි පාටියෙ ඉන්න කතාවට දස්ස කළුතර පළාතෙ උප ඇමැති සයිස් මහත්තයකුට ඇමතුමක් ලැබුණ. උන්නැහේගෙන් මහ මන්දිරේ කස්ටිය ඉල්ලා සිටියෙ මේ පත්වීම හොඳයි කියල මාධ්‍ය සාකච්ඡාවක් කරන්න කියලලු...
ඒත් කළු කෝට්ධාරියකු වන උප ඇමැති තැන නොයෙකුත් නිදහසට කරැණු කිය කිය මේ ඉල්ලීම මග ඇරියය කියල මහ මැඳුරෙ හීනියට කතාවක් ගියා...
සියඹලා ගෙනාපු මහත්තයටත් මේ උපතුමා කරපු වැඩේ ගැන ඉහළින් යමක් කිව්ව බවයි ආරංචි.